දී නිවුස් පේපර්

the newspaper
බැලිය යුතුම සිනමා ගෙත්තමක්.
ආරම්භයේ සිට ම කිසිදු රූප රාමුවක් ගිලිහී නොයෙන්නට වග බලා ගත්තෙමි.
ලාංකේය සිනමාව මෙරට සිනමා කරුවන් විසින් වවුල් හපයක් මෙන් හප කර නී රස කර තිබූ යුගයක කළු වලාවක තිබූ රිදී රේඛාවක් මෙන් "the newspaper" රිදී තිරය ආලෝකමත් කරන්නට සමත්ව ඇත.
සිනමා කෘතිය පුරාවට ප්රේමාලිංගන, ගුජුප්සාජනක සටන් ජවනිකා, රොමැන්ටික් ප්රේම චරිත, කොමඩ් වැනි කොමඩි චරිත වලින් තොරව යථාර්ථයට ඉඩදී ම සිනමා කෘතියේ සාර්ථකත්වයට කිසිදු බාධාවක් වී නොමැත. (අපේ සිනමාකරුවන් සිතා සිටින්නේ ඒවා නොමැතිව සිනමා කෘතියක් කළ නොහැකි බවයි) නමුත් එයට නිසි පිළිතුරක් the newspaper ලබා දී ඇත.
ජනමාධ්ය වෘත්තීය තුළ සිටින ජඩමාධ්ය කරුවන්ගේ කුලීමාධ්ය භාවිතය මනා ලෙස සමාජයට පසක් කරදෙන the newspaper ඔබ බැලිය යුත්තකි. ඒ හරහා පීඩිත පන්තියේ දුක් සෝ සුසුම් ඔවුන්ගේ පඩි පත වෙනුවෙන් පරිවර්තනය කර ගන්නා ආකාරය එයින් මනා ලෙස කියැවේ.
සාක්ෂරතාව යන්න මනුෂ්යත්වය තීරණය කිරීමට සාධකයක් නොවන වග the news paper මොනවට පසක් කරදෙයි. නමුත්, අසාක්ෂරතාවය ශිෂ්ට සමාජයක සමාජානුයෝජනය විමට නොහැකි සාධකයක් බවට ඔබ මට the newspaper පසක් කර දෙන්නේ නිරායාසයෙනි.
දේශපාලනය යනු ව්යාපාරයක් බවත්, ගැලරියේ සිටින ජනතාවගේ සවන් පත් මත ට මීපැණි වක්කරන්නා මෙන් දේශපාලුවන්ගේ වාග් ප්රලාප හා ක්රියා කලාපය හසුරවන්නේ ඔවුන්ගේ බලය තීරණය කිරීමට පමණක් ම බව the newspaper බුද්ධිමත් ප්රේක්ෂකයාට නොසඟවා පවසයි.
ප්රකෘතිය ක විකෘතිය වූ සංස්කෘතික සමාජය තුළ ආගම මානව ආධ්යාත්මය වෙනුවෙන් හෝ යථාර්ථය වෙනුවෙන් පෙනී නොසිටින බව කියාපාන the newspaper කර්මය ඒ සියල්ලට ඉහළින් ඇති බව කියාපාන ආගමික මතයට ප්රහර්ෂයක් කිරීමට සමත් වෙයි.
තවත් මට බොහෝ දේ කියන්නට ඇත. නමුත් ඒවා ම'විසින්ම නොකියා the newspaper නැරඹූ ඔබට කොමෙන්ටුවක් ලෙස සටහන් කිරීමට ඉඩක් තබන්නට සිතේ.
මෙතෙක් කල් the newspaper නම් වූ එකි අපූර්ව සිනමා ගෙත්තම නරඹන්නට නොහැකි වී නම් නො පමාව නැරඹීමට ඇරයුම් කරමි.
පුෂ්පික චන්ද්රසේකර
Image may contain: 2 people, people sitting and outdoor
588
People reached
52
Engagements
You and 10 others
1 comment
4 shares
Like
Comment
Share

Comments