ජන සන්නිවේදනයේ ප්රයෝජන පිළිබඳව සරල පැහැදිලි කිරීමක්.

ප්රජානනය (Cognition) යන්න සංජානනය ලෙසත් අර්ථකථනය කරගත හැකිය. විවිධ විශ්වය ක්ෂේත්රයන් තුළ ප්රජානනය බහුලව භාවිතවේ. සන්නිවේදන ක්ෂේත්රය තුළත් සන්නිවේදනයේ ප්රයෝජනයක් ලෙස ද ප්රජානනය පවතී. අලුත් අලුත් දේ දැන ගැනීම සම්බන්ධයෙන් නව තොරතුරු අර්ථකථනය කර ගැනීම සම්බන්ධයෙන්, වෙළෙඳපොළ තුළ ඇති භාණ්ඩ හා සේවාවන් පිළිබදව අවබෝධයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම ප්රජානනය ක්රියාත්මක වේ.
#අපසරණය (Divertion) හරවා යැවීමේ කාර්යය./ විකල්ප වෙත යොමු කිරීම. අපගේ එදිනෙදා ජීවිතයෙන් මිදීමට, අපගේ විවේක භාවයෙන් ලිහිල් කිරීමට උදව් කිරීමට අපි සියල්ලෝම මාධ්ය භාවිතා කරමු. අප අවධානය වෙනතකට යොමු කරන විට, විනෝද වන විට හෝ සැහැල්ලුවෙන් කටයුතු කිරීම සඳහා ජනමාධ්ය ලබාදෙන සහායතාව මෙයට නිදසුන්ය. විවිධ පීඩාකාරී තත්වයන්ගෙන් මුදවාගෙන මානසික තෘප්තියක් ලබා දීමට ජනමාධ්ය ක්රියාත්මක වීම මෙහිදී සාකච්ඡා කළ හැක.
#සමාජ උපයෝගීතාව (social Utility) යනු ඕනෑම සමාජයක ජනගහනයෙන් බහුතරයකට ප්රතිලාභ ලබා දෙන සේවාවක් හෝ ලක්ෂණයකි. ඒ ආකාරයට ජනමාධ්ය සමාජ උපයෝගීතාවයක් සිදුකරයි. අවම මුදලකට හෝ නොමිලේම සමාජය තුළ ජීවත් වන බහුතර ජනතාවකට මෙමගින් ප්රතිලාභ භුක්ති විඳීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස: ජනමාධ්ය මගින් ලැබෙන තොරතුරු විනෝදාත්මක වැඩසටහන්, සම්බන්ධ සහ සාකච්ඡා ඔබ භුක්ති විදින්නේ මෙම උපයෝගීතාවය ප්රතිඵලයක් ලෙසය. අඩු මුදලට පුවත්පත්වල තොරතුරු පරිහරණය කළ හැක්කේ ද ඒ අනුවය.
#නිෂ්කර්ෂණය (withdrawal) ජන සන්නිවේදනය ප්රයෝජනයක් ලෙස සමාජයෙන් ඉවත් වීම යනු ඔබ සාමාන්යයෙන් ඇසුරු කරන පුද්ගලයින් සහ ක්රියාකාරකම් මග හරිමින් සිදුකරන හුදෙකලා බවකි. එක්තරා ආකාරයකට එය මානසික ආතතිය දුරුකර ගැනීමටද ඉවහල් වේ. මෙ අනුව ජනමාධ්ය විසින් පුද්ගලයා හුදෙකලා තැනකට රැගෙන යන අතර, එහිදී ඔබට මිතුරන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී බොහෝ විට ඔබ තනිවම සිටිය හැකිය.
පුෂ්පික චන්ද්රසේකර
සරසවියට පාර කියන

Comments