උසස් පෙළ කලා / තාක්ෂණ විෂයයන් තෝරා ගන්නා දරුවන්ට දැනමුතුකමක්

උසස් පෙළ විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්
සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටි බොහෝ දෙනාගේ අපේක්ෂාව වන්නේ උසස් පෙළ පන්තියට ඇතුළත් වීමයි. ඒ සඳහා සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල ලැබිය යුතුය. එසේ වුවත් දැනට ශ්රී ලංකාවේ පවත්නා අධ්යාපන රාමුව තුළ සිසුන් මේ වන විට උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමට යොමු කරමින් සිටී. තමන් කුමන විෂයයන් තෝරා ගන්නේ ද යන්න නිගමනය කළ යුත්තේ ඒ සඳහා වූ විධිමත් තොරතුරැ පදනම් කර ගෙනය. ඒ සඳහා යොදා ගත හැක්කේ අධ්යාපන අමාත්යාංශය විසින් 2016.04.26 දිනැතිව නිකුත් කර ඇති 2016/13 දරණ අ.පො.ස.(උසස් පෙළ) විෂය සංයෝජන හා විශ්වවිද්යාල ප්රවේශය සඳහා වූ විෂය සංයෝජන නම් වූ චක්ර ලේඛයට අනුවය. උසස් පෙළ පන්තියට ඇතුලු වීමට හා විශ්වවිද්යාල අධ්යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් මෙම චක්ර ලේඛයේ දක්වා ඇති උපදෙස් හා මග පෙන්වීම් පිළිබඳව දැන ගෙන තම විෂයයන් තෝරා ගැනීම කළ යුතුය.
උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස් පෙළ විෂයධාරා සංඛ්යාව ද මේ වන විට හය දක්වා වැඩි වී තිබේ.
01. කලා, 02. වාණිජ, 03. විද්යා, 04. ගණිත, 05. තාක්ෂණ, 06. පොදු
උසස් පෙළට පොදු විෂය ධාරාවක් ද වෙයි. පොදු විෂය ධාරාවට අයත් වන්නේ ප්රධාන විෂය ධාරා පහට අයත් නොවන අයදුම්කරුවන් ය. පෙදුදු විෂය ධාරාව නිර්මාණය වන්නේ ප්රධාන විෂයධාරා පහේ විෂයයන් නොගැලපෙන ලෙස තෝරා ගන්නා ලද සිසුන් ය. එලෙස විවිධාකාරයෙන් විෂයයන් තෝරාගන්නා බොහෝ සිසුහු තමන් කලා විෂය ධාරාවට අයත් යෑයි සිතති. එහෙත් තමන් පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිට ඇති බව සිසුන් දැන ගන්නේ ප්රතිඵල නිකුත් වූ පසු ය. ඇතැම් විට ඒ ඒ පාසල්වල පවතින පහසුකම් හා ඒ ඒ විෂයයන්ට සිටින ගුරුවරුන් අනුව විෂයයන් තෝරා ගැනීම සඳහා අනියම් බලකිරීමකට ලක් වීමට සිසුන්ට සිදු විය හැකිය. එසේ වීමට සිසුන්ට බලවත් අසාධාරණයකි.
අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක් නොව අසාධාරණයට ලක් වීමට ද සිදු වෙයි. අසාධාරණය සිදුවන්නේ විශ්වවිද්යාලයට ඇතුළත් වීමේ දී ය. පොදු විෂය ධාරාව හදාරා විශ්වවිද්යාලයට ඇතුළත් වන සිසුන්ට සාපේක්ෂව කලා විෂය ධාරාව හදාරා විශ්වවිද්යාලයට ඇතුළත් වන සිසුන්ට තෝරා ගැනීමට ඇති පාඨමාලා සංඛ්යාව වැඩි ය. එහෙයින් ඒ ඒ විෂයධාරා සඳහා තෝරා ගැනීමේ දී සිසුන් දැඩි ලෙස සැලකිලිමත් වීම අවශ්ය ය. මෙම ලිපිය පළ කෙරෙන්නේ උසස් පෙළ සිසුන් රැසකගේ ඉල්ලීමකට අනුව ය.
කලා විෂය ධාරාව සඳහා විෂය කාණ්ඩ
(අ) සමාජයීය විද්යා, ව්යවහාරික සමාජ අධ්යයන විෂයයන්
1. සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය
2. දේශපාලන විද්යාව
3. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය/යුරෝපා හෝ ලෝක ඉතිහාසය)
4. ගෘහ ආර්ථික විද්යාව
5. භූගෝල විද්යාව
6. තර්ක ශාස්ත්රය හා විද්යාත්මක ක්රමය
7. ගිණුම්කරණය හෝ ව්යාපාර සංඛ්යානය
8. කෘෂි විද්යාව හෝ ගණිතය
9. ආර්ථික විද්යාව
10. තාක්ෂණවේදය විෂයයන්ගෙන් එක් විෂයයක් (සිවිල් තාක්ෂණවේදය හෝ යාන්ත්රික තාක්ෂණවේදය හෝ
විදුලි ඉලෙක්ට්රොනික සහ තොරතුරු තාක්ෂණවේදය හෝ ආහාර තාක්ෂණවේදය හෝ කෘෂි
තාක්ෂණවේදය හෝ ජෛව සම්පත් තාක්ෂණවේදය)
11. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
(ආ) ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්
1. බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය
2. ක්රිස්තියානි ධර්මය හෝ ක්රිස්තියානි ශිෂ්ටාචාරය
3. හින්දු ධර්මය හෝ හින්දු ශිෂ්ටාචාරය
4. ඉස්ලාම් හෝ ඉස්ලාම් ශිෂ්ටාචාරය
5. ග්රීක හා රෝම ශිෂ්ටාචාරය
(ඇ) සෞන්දර්ය අධ්යයන විෂයයන්
1. නර්තනය (දේශීය හෝ භරත නාට්ය)
2. චිත්ර කලාව
3. නාට්ය හා රංග කලාව (සිංහල හෝ දෙමළ හෝ ඉංග්රීසි)
4. සංගීතය (පෙරදිග සංගීතය හෝ කර්ණාටක සංගීතය හෝ බටහිර සංගීතය)
(ඈ) භාෂා විෂයයන්
1. සිංහල, දෙමළ, ඉංග්රීසි
2. අරාබි, පාලි, සංස්කෘත
3. චීන, මැලේ, ප්රංශ, ජර්මන්, රුසියන්, හින්දි, ජපන්
■මෙම විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් ඉහත සමාජ විද්යා, ව්යවහාරික සමාජ අධ්යයන විෂය කාණ්ඩයෙන් අවම වශයෙන් එක් විෂයයක් තෝරා ගත යුතුය. අවශ්යනම් විෂයන් තුනම මෙම කාණ්ඩයෙන් තෝරා ගත හැකිය. (භාෂා විෂයයන් 2ක් හෝ තුනම තෝරා ගන්නා සිසුන්ට මෙය අදාළ නොවේ.)
■ ශිෂ්යයාගේ මනාපය අනුව සමාජ විද්යා විෂය කාණ්ඩයෙන් විෂයයන් 2ක් හෝ තුන ම තෝරා ගත හැකිය.
■ එමෙන් ම ආගම් හා ශිෂ්ටාචාර විෂයයන් අතරින් යම් ආගමක් තෝරා ගන්නේ නම් ඊට අදාළ ශිෂ්ටාචාර විෂය තෝරා ගත නොහැකිය. නිදසුන් බෞද්ධ ශිෂ්ටාචාර විෂය තෝරා ගෙන ඇත්නම් බුද්ධ ධර්මය තෝරා ගත නොහැකිය.
■ කිසිදු විෂයක් උසස් හෝ පහත් වන්නේ නැත සෑම විෂයකටම විශ්විද්යාල තුළ නියමිත පාඨමාලා ඇත.
සෞන්දර්ය අධ්යයන විෂයයන් අතරින් විෂයයක් හෝ දෙකක් තෝරා ගත හැකිය. භාෂා විෂය කාණ්ඩයේ භාෂා විෂයයන්ගෙන් එකක් හෝ දෙකක් තෝරා ගත හැකි වන අතර විෂයයන් තුනම භාෂා විෂයයන්ගෙන් තෝරා ගන්නේ නම් සිංහල, දෙමළ, ඉංග්රීසි යන විෂයයන් තුන ම හෝ සිංහල, දෙමළ, ඉංග්රීසි, අරාබි, පාලි, සංස්කෘත යන විෂයයන්ගෙන් තුනක් තෝරා ගත යුතුය.
■ මෙම වක්රලේඛණය තුළ ඇති අයිතිය දරුවන්ට භුක්තිදිය හැක්කේ තමන් ඉගෙන ගන්නා පාසල තුළ පවතින පහුසුකම් වලට යටත්ව ය. එම අයිතිය පාසල මගින් සපයා ගත නොහැකි නම් දෙමාපියන්ගේ කැමැත්ත මත පාසලේ නොමැති විෂයක් දෙමාපියන් වගකීම භාරගෙන දරුවාට ඉගැන්වීමේ අයිතිය ඇත.
Image may contain: text
3,996
People reached
179
Engagements
You and 4 others
38 shares
Like
Comment
Share

Comments