"මාධ්යයේ අහිතකර බලපෑමෙන් ළමා හා තරුණ පරපුර මුදවා ගැනීම සඳහා පෙර පාසල් අවධියේ සිට මාධ්ය අධ්යාපනය ලබාදිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කර ඇත."

ගෲන්වල්ට් ප්රකාශනය
යුනෙස්කෝ සංවිධානය
මාධ්ය අපි හැමෝගෙම ජීවිතත් එක්ක බද්ධ වෙලා තියෙනවා. එය අපේ ජීවිත වලට බලපෑම් කරන්නේ අමුතුම ආකාරයකට. අපි හැමෝම දන්න කාරණයක් තමයි සමස්ත ලෝකයම ලොකු වෙනසකට ලක්වෙන 17 හා 18 සියවස. මේ කාලයේදී විද්යාව සහ තාක්ෂණය පිබිදීමත් එක්ක ව සොයා ගැනීම් විශාල ප්රමාණයක් සිදුවෙනවා. එම සොයා ගැනීම් අනුව යාන වාහන දුම්රිය, ඇතුළු ගුවන් යානා නාවික තාක්ෂණය විතරක් නෙමෙයි සන්නිවේදන ක්ෂේත්රයේ බොහෝ සොයා ගැනීම් සිදු වෙනවා.
නමුත් එම සොයා ගැනීම් කොච්චර මානව සංහතියට ප්රයෝජනවත් වුණත් පාලකයින්ට තිබුණු කුරිරු ආශාවන් සමග එකී සොයා ගැනීම් වල ප්රතිලාභ ජනතාවට භුක්ති විඳින්න ලැබුණේ නැහැ.
පාලකයින් තමන්ගේ බලය වර්ධනය කර ගැනීම සඳහා මේ සියලු තාක්ෂණික මෙවලම් භාවිත කිරීමේ ප්රතිඵලයක් හැටියට තමයි ලෝක ඉතිහාසයේ පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය නිර්මාණය වෙන්නේ. එයින් දෙවන ලෝක යුද්ධය (1939 _1942) මිහිතලය මත සිදුකරන ලද විනාශය සුළුපටු නැහැ.
"එය ඔබට සිහිපත් කර ගැනීමට ජපානයට පතිත කරන ලද පරමාණු බෝම්බ දෙක විතරක් ප්රමාණවත් වේවි."
ඉන්පස්සෙ දෙවන ලෝක යුද්ධයේ අතුරු ප්රතිඵලයක් විදියට තමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ නැවත ලෝකය යුද්ධයක් ඇති නොවීමට අවශ්ය පසුබිම සංවිධානය කිරිමට. ඒත් එක්කම විසිවන සියවසේ මැද භාගයේ දී ඇමරිකානු ජාතික මහාචාර්ය විල්බර් ශ්රාම්ගේ ප්රමුඛත්වයෙන් ලෝකයේ විෂයක් හැටියට වර්ධනය වෙච්ච සන්නිවේදන විෂය දෙවැනි ලෝක යුද්ධයෙන් හානියට පත්වූ මානව සමාජය තුළ 'සංවර්ධන සන්නිවේදනය' ක්රියාත්මක කිරීම ආරම්භ කරනවා. එයට සමගාමීව ඔහු විසින් න්නිවේදන විෂය ශාස්ත්රීය විෂයක් ලෙස පාසැල්, විශ්ව විද්යාල සහ පර්යේෂණ ආයතන හරහා සමාජගත කිරීමටත් කටයුතු කරනවා.
ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්රතිපලයක් හැටියට රූපවාහිනී මාධ්ය දරුවන් කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ පර්යේෂණ ය අදටත් ලොව ප්රමුඛ තලයෙහි ලා ගැනෙන පර්යේෂණයක්. විශේෂයෙන්ම රූපවාහිනී ප්රචණ්ඩ ක්රියා ඇතුලත් වැඩසටහන් නැරඹීම නිසා දරුවන් තුළ සිදුවන වෙනස්කම් ඔහු ප්රධාන කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගන්නවා.
#වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේදී භාවය අඩු වීම
#දරුවන් ඔවුන් ජීවත්වන පරිසරය පිළිබඳ බියක් ඇති කර ගැනීම.
#අන් අය සමඟ කටයුතු කිරීමේදී ආක්රමණශීලී ලෙස හැසිරීම
ඒ අතර ප්රධාන වෙනවා.
එකී අයහපත් බලපෑම් එන දරුවන් මුදවා ගැනීමට මාධ්ය අධ්යාපනය ලබාදිය යුතු බව මහාචාර්ය විල්බර් ශ්රාම් පළමුවර ලොවට හෙළිදරව් කරනවා.
විසිවන සියවසේ තෙවන කාර්තුව වන විට (1970_2000) ඇදහිය නොහැකි තරම් මාධ්ය කර්මාන්තය සමාජය ආක්රමණය කරලා තිබෙනවා. ව්යාපාරික ආධිපත්යය මාධ්ය හැසිරවිම සමඟ මෙම අයහපත් තත්ත්වය නිර්මාණය වී තිබෙනවා. ඔවුන් ඒ සඳහා යොදා ගන්නා "මනෝවිද්යාත්මක උපායමාර්ග, නිර්මාණශීලීත්වය, තාක්ෂණය සහ කලාත්මක බව මගින් නිර්මාණය කරන ඉන්ද්රජාලිකත්වය ඔස්සේ තත්පර 10 ක් වැනි කාලයක් තුළ පුද්ගල මනස තුළ බලපෑමක් ඇති කිරීමට සමත් දැන්වීම් නිර්මාණය කරනවා. එය ඔබ ඇතුළු ඔබේ දරුවන්ටත් බලපෑම් කරන බව රහසක් නෙමෙයි.
#එමඟින්_අසාක්ෂරතාවෙන්_යුතු_සාමාජීය_ජනතාව_අසරණ_වන_බවට_යුනෙස්කෝ_සංවිධානය_සිදු_කරන_ලද_පර්යේෂණයකින් හෙළිදරව් වුණා.
එසේ ව්යාපාරික ආධිපත්යයේ ගොදුරු බවට ජනයා පත්වන බව එහිදී යුනෙස්කෝ සංවිධානය හෙළිදරවු කර ගන්නේ 1982 දී. ඒ අනුව සමස්ත ලෝකයට ම තමන්ගේ රටවල දරුවන්ට මාධ්ය අධ්යාපනය ලබාදෙන ලෙස ගෲන්වල්ට් ප්රකාශයෙන් නිවේදනය කරනවා.
එහි ප්රතිඵලයක් ලෙස 2006 වර්ෂයේ සිට සාමාන්ය පෙළ පංති කාමරයෙන් ඇරඹෙන සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය විෂය අද වන විට ඉගෙන ගනු ලබන දරුවන් තුළ ඇති කරල තියෙන්නෙ ප්රබෝධයක්. එයට හේතුව මෙම විෂය හැදෑරීම මගින් ඔවුන් විචාරශීලීත්වය වගේම සාක්ෂරතාවය අවබෝධ කරගත්ත පිරිසක් වීම පමණක් නෙවෙයි.
අනාගත රැකියා වෙළඳපල තුළ පවතින රැකියා ක්ෂේත්ර ගණනාවකට අදාළව මෙම විෂය නිර්දේශය ගැලපෙන ලෙස සකස් කර තිබීම. එපමණක් නොව නව මාධ්ය භාවිතයේ සීමා මායිම්, ජන මාධ්යයේ ක්රියාකාරිත්වය සහ එහි වෘත්තිය අවස්ථා, මහජන සම්බන්ධතාවය මගින් වෘත්තීය නිපුණත්වය දියුණු කරගන්නා ආකාරය, මාධ්ය සන්දේශ නිර්මානය කර ගැනීම සඳහා අවශ්ය කරන තාක්ෂණික දැනුම, අන්තර් සංස්කෘතීන් පිළිබඳ පුළුල් අවබෝධය, සමාජය තුළ ජීවත් වීමේදී අවශ්ය කරන මූලික නීති හා මාධ්ය භාවිතයේදී දැනගත යුතු නෛතික සීමාවන්, ඕනෑම වෘත්තීය ක්ෂේත්රයක් තුළ පවතින ගැටලු හඳුනාගැනීම සඳහා සමීක්ෂණ කළ යුතු ආකාරය, එම සමීක්ෂණ අන්තර්ජාල හා නව මාධ්ය මෘදුකාංග මගින් සිදු කරන ආකාරය, නව මාධ්ය යෙදවුම් මගින් වෘත්තීය රැකියා අවස්ථා ප්රවේශ වන ආකාරය, ගතානුගතික අදහස් වලින් මිදී සමකාලීන මාධ්ය ප්රවණතා හඳුනා ගැනීමට නිපුණතාවය හා එමගින් මාජය ක්රියාත්මක වන ආකාරය හඳුනා ගැනීමේ දැනුම, සංවර්ධනය සඳහා සන්නිවේදනය යොදවන්නේ කෙසේද යන්නත්, කිසියම් සන්නිවේදන භූමිකාවක් නිර්මාණශීලී ලෙස හසුරවා ගනු ලබන ආකාරය මෙන්ම සිද්ධි කලමනාකරුවෙකුගේ භූමිකාව, මහජන සම්බන්ධතා නිලධාරියකුගේ වෘත්තීය පසුබිම, මාධ්ය නිලධාරියෙකුගේ වෘත්තීය වපසරිය, නිර්මාණශීලී සන්නිවේදකයකුගේ සන්නිවේදන භාවිතය ඇතුළු දරුවන්ගේ පෞර්ෂත්වය නංවාලන විෂය නිර්දේශය කින් මෙම විෂය පෝෂණය කරන්නට මෙරට උසස් පෙළ සන්නිවේදන විෂය පුරෝගාමීන් සිදු කර තිබෙන මෙහෙවර අති විශිෂ්ටයි.
එය විසි එක්වන සියවසේ අපේ දූ දරුවන්ගේ භාග්යයක් සේ අවබෝධ කර ගත හැක්කේ අනාගතය දකින දෙමාපියන්ට ම පමණි.
pushpika chandrasekara
ප්රවීණ දේශක
සරසවියට පාර කියන මීඩියා
ජීවිතයට පාර කියන මීඩියා
Image may contain: text
367
People reached
26
Engagements
You and 4 others
7 shares
Love
Comment
Share

Comments